Divyaangana – Nadun Fonseka

 

 

Song Title – Divyaangana
Artist – Nadun Fonseka
Music – Chandana Walpola


රෑ අහසේ රූ  රටා මවමින් – සුසුදු සඳ ඔබ හිනැහුනා..

ඔබ එලිය හා පෙමින් බැදෙමින් – සියක් තරු රැගුමන් කළා…

එයින් තරුවක් සෙමින් රහසේ ඔබේ සවනට කොඳුරලා..

ආදරේ රන් රහස ඇසුනිද ප්‍රේමියේ දිව්‍යාංගනා….

 

මිහිරාවියේ මා දකිමි ඔබ රුව දුරයි මා නෙත් ඉසව්වේ…

හීලෑම නෑ සිත ඔබව යැදුවා- විදින්නට ප්‍රේමාදරේ …

දෙව්ලියේ ඔය මදහසේ පෙම් හීන මැවුනා අනන්තේ..

සිහිවී සියවර ආදරෙන් මං – මලක් සේ රන් රූ ඔබේ …

 

රෑ අහසේ..

 

සැබෑවී මා පිරූ ප්‍රේමය වේදනා නවතා හදේ..

පායාලා ඔබ මගේ ලෝකේ – එළිය ගැලුවා ආදරේ…

දෙව්ලියේ තරු එළි නිවා ඔබ – හිනැහුනා මා තුරුල්ලෙන්…

සහකාරියේ අපෙ ආදරේ නිම්නාද දේ මේ විශ්වයේ..

 

රෑ අහසේ….

full-hdmp4-hdmp3-only

Leave a Reply

Your email address will not be published. Required fields are marked *